Saturday, August 31, 2013

Hayaweni Pituwa! 3

හයවෙනි පිටුව. 3


ගිය සුමානේ මන්දනා ස්මයිල්ගේ ගෙදරට හොරු පැන්නා. ඒ ගැන එක එක්කෙනා එක එක කතා කිව්වා. ආණ්ඩුව කිව්වෙ ඒ පැන්නෙ පල්හොරු කියලා. විපක්ෂයයි, සමහර මාධ්‍ය සංවිධානයි, එන්ජී ඕ සංවිධානයි කිව්වෙ ඒ පැන්නෙ රජහොරු කියලා. මන්දනාගේ ගෙදරට පැන්නෙ කවුද කියලා හොයන්න අපට වුවමනාවක් නැහැ. නමුත් අපට ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇයි මේ රටේ මාධ්‍යවේදීන්ගේ ගෙවල්වලට හොරු පනින්න බැරිද?


ඉන්දියාවේ ක‍්‍රිස් එකත් එක්ක ගහපු හොර ගිවිසුමක් හොරෙන් ගේන්න මහින්ද මන්දනාගේ ගෙදරට හොරු වගේ අන්දපු හමුදාවේ හොරු ටිකක් යැව්වා කියලා රනිල් මේ ළඟදී මීටිමකදී කියලා තියෙනවා. ඊට කලින් රනිල්ගෙ මහලේකම් තිස්සත් මාධ්‍ය ඉදිරියට ඇවිත් මෙන්න මන්දනාගෙ ගෙදරට හොරු පැනලෝ... අල්ලපියෝ... අල්ලපියෝ...කියලා කෑගැහුවා. මේක තමයි අද විපක්ෂයේ තත්්ත්වේ. මේ ගොන් පාට්වලින් එහාට අම්මපා විපක්ෂයට දෙයක් ඇත්තෙම නෑ.

කවුද මේ මන්දනා ස්මයිල් කියන්නෙ? සන්ඬේ ලීඩර් එකේ කර්තෘ. සන්ඬේ ලීඩර් එකේ හිටපු කර්තෘ පෙඞ්රිකා ජෑන්ස් මට මහින්දත් එක්ක මේ බඩකඩිත්තුව කරන්න බෑ කියලා දමලා ගහලා ගියාට පස්සෙ පෙඞ්රිකාගෙ තැන ගත්තු කර්තෘ. එතකොට අද සන්ඬේ ලීඩර් කියන්නෙ එදා ලසන්ත වික‍්‍රමතුංග හිටපු කාලෙ තිබුණ එකද? අද ඒක වැඩ කරන්නෙ කාටද? අද ඒකෙ එඩිටෝරියල් පොලිසි එක මොකක්ද? අද ඒකෙ වැඩ කරන්නෙ කවුද? පැහැදිලිවම අද සන්ඬේ ලීඩර් එක වැඩකරන්නෙ මහින්දට. මහින්දගෙ මිනිහෙක් තමයි සන්ඬේ ලීඩර් එකට සල්ලි දාන්නෙ. අද ඒකෙ ලියැවෙන තරමක් ලියැවෙන්නෙ ආණ්ඩුවේ ප‍්‍රශස්ති. අද සන්ඬේ ලීඩර් එකේ එදා ලසන්ත හදපු ලීඩර් එකේ හෙවණැල්ලක්වත් නෑ. අඩුම ගාණේ ලසන්ත එක්ක හිටපු පෙඞ්රිකාට අලූත් හාම්පුතා පල නොකියා පළා බෙදනකොට තම ආත්මගරුත්වය රැුකගෙන, ප‍්‍රතිපත්ති මත පිහිටා එළියට බැහැලා ගිය පෙඞ්රිකාගෙ තැනට අලූත් හාම්පුතා විසින් ගෙනාපු කර්තෘ තමයි මන්දනා කියන්නෙ. එතකොට දේශපාලන ලාභයක් අරමුණු කරගෙන ෆන්ඩ්  කරන පත්තරේක තමන්ට අවනත නැති කෙනෙක් ලොකු පුටුවක තියයිද මොළේ තියෙන හාම්පුතෙක්. විශේෂයෙන්ම ජාතික පත්තරේක කර්තෘ පුටුවක.එතකොට එහෙව් මන්දනාගේ ගෙදර තියෙන දෙයක් තමන් ළඟට ගෙන්න ගන්න මහින්ද මෙච්චර මහන්සි වෙන්න  ඕනද? ඒක ක‍්‍රිිස් ගනුදෙනුවක් හරි වෙන මොනවාහරි බඩකඩිත්තුවක් වෙන්න පුළුවන්. ඒක තමන්ගෙ ළඟට ගන්න මේ තරම් අවදානමක් ගන්න  ඕනද මහින්ද? මහින්දගෙ ආණ්ඩුව අනිත් එක හැමදාමත් පිල්ලියක් විදිහට දැක්ක පිල්ලෙ මේ රටට පය තියන්න පැය ගාණක් තියෙද්දී?’ මේ  ප‍්‍රශ්නෙ මම ඇහුවා මගේ මාධ්‍ය සගයෙක්ගෙන්. එතකොට මිනිහා කියනවා නෑ එහෙම නෙමෙයි, මන්දනා වැඩ කරන්නෙ මහින්දගෙ මිනිහෙක් යටතේ වෙන්න පුළුවන්. නමුත් මන්දනා එක්ක අත්සන් කරලා තියෙන ආයතනගත ගිවිසුම්, මන්දනාගෙ ප‍්‍රතිපත්ති, කර්තෘවරයා වශයෙන් මන්දනාට තියෙන වගකීම් වගේ දේවල් මත මන්දනාගෙන් ඒ දේවල් එහෙම ගන්න බැරිවෙන්න බැරිද?’

පෙඞ්රිකා යන පරක්කුවට පෙඞ්රිකාගෙ තැන ගත්තු මන්දනාට මගේ මිත‍්‍රයා කියන  විදිහේ ගිවිසුම්, ප‍්‍රතිපත්ති, වගකීම් තියෙන්න පුළුවන්ද? අනිත් එක මේ ප‍්‍රාග්ධනය අධිනිශ්චය වෙච්ච මාධ්‍ය කර්මාන්තය ඇතුළේ පත්තර මුදලාලි කෙනෙක් ළඟ පඩියට වැඩකරන කර්තෘ කෙනෙක්ට එහෙම සෙල්ලම් දාන්න පුළුවන්ද? එහෙම  පුළුවන්කමක් තිබුණා නම් ලලිත් අලහකෝන් තාමත් එයා වැඩ කරපු පත්තරේ කර්තෘ. මුදලාලිත් එක්ක හැප්පුණ ලලිත් අද කොහේද? මේක තමයි මේකෙ තියෙන තිත්ත ඇත්ත. ඒ හින්දා මහින්දට මන්දනා ළඟ තිබුණ දෙයක් තමන් ළඟට ගන්න වුවමනාව තිබුණා නම් මෙහෙම හොරා පොලිස් කරන්න  ඕන නෑ. ඒක බොහොම ලෙහෙසියෙන් මහින්දට කරගන්න පුළුවන්. මහින්ද දාපු සෙල්ලම් එක්ක මන්දනා කවුද මහින්දට.

හොඳයි මහින්ද මේක කළා කියමු. එහෙනම් මහින්ද මේක මේ තරම් ගොන් විදිහට කරයිද? පැන්න ගමන් අතේ පත්තු වෙන විදිහට. අවුරුදු 30ක් පුරා දිගඇදිච්ච යුද්දේ ඉදිරි ආරක්ෂක වළලූ දාලා අභ්‍යන්තර ආරක්ෂක වළලූ තරකරලා පසුපස ආරක්ෂක වළලූ හදල ගහලා දිනපු මහින්ද මන්දනාගෙ ගෙදර මෙහෙයුමට මේ තරම් අසංවිධානාත්මක විදිහට යයිද? ඔඩෙල් එකේදී මාලකට නෙලන්න ගිය උන් ටිකත් මීට වඩා සංවිධානාත්මක විදිහට ගිහින් තිබුණා. අදටත් මාලකට ගහපු උන්ගෙ ඇඩ‍්‍ර‍්‍රසුත් නෑ. උන් එච්චර සංවිධානාත්මක නම් මහින්ද කොහොම වෙන්න  ඕනද?

මහින්ද මේක කළා නම් හමුදාවෙන් පැනපු එවුන් නෙමෙයි හත්මුතු පරම්පරාවෙ හමුදාවෙ ගෑවිච්ච එකෙක්වත් මේකට ගන්නෙ නෑ. අනිත් එක තමන්ගෙ ගෙදරට කිසියම් පිරිසක් ඇතුළු වෙලා කියලා 119ට දැන්නුව මන්දනාගෙ මනුස්සයා, ගේට්ටුවෙන් ඇතුළට ආවහම තමයි දකින්නෙ ගෙයි දොර ඇරලා කියලා. එතකොට මහින්දගෙ මිනිස්සු මෙහෙයුමක් දියත් කරන තැනක එහෙම ගේට්ටුවෙන් ඇතුළට එන එකෙක්ව කුදලගෙන ගිහින් හොම්බට දෙකක් අනින්නට තරම්වත් දියුණු සැලසුමක් නැති තරමට මහින්දගෙ මෙහෙයුමත් අඳබාල වෙයිද? ඊළඟට මන්දනාගෙ මනුස්සයාගෙ ඇමැතුමට එවෙලේම එතැනට ආව 119 පොලිස් නිලධාරින්ට කැති පිහිවලින් කොටලා තමයි මන්දනාගෙ ගෙදරට පැන්න හොරු දුවලා තියෙන්නෙ. එතකොට කැති පිහි අරගෙන මේ වගේ බරපතළ මෙහෙයුමකට එන්න තරම් මහින්දගෙ මිනිස්සු දුප්පත්ද? රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි කොණ්ඩෙ කපන්න යනකොටත් 9පප පිස්තෝල, ටී56 රයිෆල් අරගෙන ගිය ජනාධිපති ආරක්ෂකයෝ හිටපු රටක ජනාධිපති මහින්දගෙ මිනිස්සු මේ වගේ  මෙහෙයුමකට කැති පොලූ අරගෙන යයිද? එහෙම ගිහිල්ලත් පැය ගණන් තේ බිබී පිළිසඳර කතා කර කර ඉඳියිද?

මේ වගේ ප‍්‍රශ්න  ගොඩක් තියෙද්දී මේ සිදුවීම වුණාට පස්සෙ අපි දකින්නෙ  මොනවාද? මන්දනා ස්මයිල් මොකුත් කියන්නෙ නැතුව තෘෂ්ණීම්භූත වෙලා බලාගෙන ඉන්නවා. මොකද එයා දන්නවා ඇත්තටම වුණේ මොකක්ද කියලා. එයා කතා නොකර ඉන්නකොට රටේම ඉන්න මාධ්‍ය සංවිධානකාරයෝ ටිකයි, එන්ජී ඕකාරයෝ ටිකයි, විපක්ෂයයි කතාකරනවා. රටේම තියෙන ගොන් කතා කියනවා. ආපු එවුන් මන්දනාගෙ ෆයිල් ඇදලාලූ. ඒ කියන්නෙ මන්දනාගෙ ගෙදර තියෙන ෆයිල් අදින්න පුළුවන් ගෙදරට හොරෙන් එන එවුන්ට විතරයි. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඊළඟට මන්දනාගෙ ගෙදරට ආපු එවුන් අතරෙ හමුදාවෙන් පැන්න එවුන් තුන්දෙනෙක් ඉන්නවාලූ. මේ රටේ  ඕන බබෙක් දන්නවා දැන් මේ රටේ අපරාධ කරනවුන් දහදෙනෙක් ඇල්ලූවොත් පස්දෙනෙක්ම හමුදාවෙන් පැනපු උන් කියලා. ඒක තමයි අද අපි අත්විඳින යුද්ධයේ අතුරුඵලය. ඒවා මුකුත් නොදන්න ගාණට අර එන්ජී ඕකාරයෝ ටිකයි, මාධ්‍ය සංවිධානකාරයෝ ටිකයි, විපක්ෂයයි පඬේ වෙඩිල්ල කරනවා. කබ්බෝ පොලිෂ් කරනවා. ලකුණු දාගන්නවා. එතකොට ඒ කියන ගොන් කතා ඔක්කොම මේ රටේ සෙනඟ පිළිගන්නවා. ඒක හින්දා මීට පස්සෙ හොරුනි, තොපි දැනගනිල්ලා වැරැුදිලාවත් මාධ්‍යවේදියෙක්ගෙ ගෙදරට පනින්න එපා. පනින්න කලින් අර තොපේ මුට්ටිය දාලා බලපල්ලා ඒ ගෙදර ඉන්නෙ මොකෙක්ද කියලා. නැත්නම් ඉතින් අපිට හැමදාමත් වෙන්නෙ මේ විනෝද සමය බලන්න.
අද ඇත්තටම මේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් තියෙනවා. ඒක මේ මාධ්‍යවේදියකුගෙ  ගෙදරට හොරු පනිනවා වගේ සිල්ලර තැනක ලඝු කරන්න දෙන්න බෑ. මේ කොලමේ පහුගිය සතිවල ලියපු කාරණා ගැන ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ගිය සතියේ අපට කතා කළා. ඔයා කියන දේවල් ඔක්කොම ඇත්ත. තර්කයක් තියෙනවා. පිිළිගන්නවා. නමුත් අපිට තියෙන ප‍්‍රශ්නෙ අපි කොහොමද ඔයාව රැුකගන්නෙ කියන එක. මොකද ඔයා ගහන්නෙ අපට. එතකොට දැන් ඔයාට වෙන කවුරුහරි මොනවත් කළොත් ඒක යන්නෙත් අපේ පිටින් මේක තමයි මේ වෙලාවෙ තියෙන තිත්ත ඇත්ත. ඒ භීෂණය සමාජයේ තාවකාලික  පොරක් වෙන්න හරි පිටරටක වීසා එකක් වෙනුවෙන් හරි තව එකෙක් බලය වෙනුවෙන් දකින හීනය යථාර්ථයක් කරන බළල් අතක් විදිහට පාවිච්චි කරන්න හරි ඉඩදෙන්න බෑ. මොකද කොටියා ආවෙ නැති වෙලාවෙ බොරුවට කොටියා ආවා කියලා කෑගැහුවාම ඒකට රැුවටිච්ච උන් ඇත්තටම කොටියා ආව වෙලාවෙදි පැත්තවත් බැලූවේ නැති කතාව අපි හොඳට දන්න නිසා.


එතකොට ලංකාවෙ විපක්ෂය මේ පාරත් මහින්දගෙ ලණුව හොඳට කෑවා. ඒ නිසා තමයි අපි හැමදාමත් කියන්නෙ මේ ගේම් එක මහින්ද තාමත් හොඳට සෙල්ලම් කරනවා කියලා. දැන් එතකොට මේ රටේ විපක්ෂයට, සිවිල් සංවිධානවලට, එන්ජී ඕවලට ඇතැම් සමාජ ක‍්‍රියාකාරින්ට අනුව අද ලංකාවෙ මාධ්‍යයට තියෙන ලොකුම තර්ජනය තමයි මාධ්‍යවේදීන්ගෙ ගෙවල්වලට ?ට හොරු පනින එක. දැන් මරා දැමූ මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. අතුරුදන් වෙච්ච මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. තර්ජනයට ලක්වෙච්ච මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. ගුටිකාපු මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. ලියන්න කියන්න තියෙන නිදහසට ඇති බාධාවන් ගැන කතාවක් නැහැ. ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් ඇවිත් ඉන්න වෙලාවෙ මේ රටේ ප‍්‍රධාන විපක්ෂය මහලේකම්ට  සහ විපක්ෂ නායකයාට මාධ්‍ය ගැන තිබිච්ච ලොකුම චෝදනාව තමයි මාධ්‍යවේදිනියකගේ ගෙදරට හොරු පැන්න කතාව.
මේක තමයි මහින්දටත් කෙරෙන්න  ඕන. හැමදාම වගේ විපක්ෂය මේ පාරත් මහින්දට  ඕන දේ ගාණට කරලා දුන්නා. ලංකාවෙ විපක්ෂයට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි තමන්ගෙ කිියලා සටන් පාඨ නැති එක. එතකොට මහින්ද කරන්නෙ කාලෙන් කාලෙට විපක්ෂයට ඇදගෙන යන්න සටන්පාඨ හදලා දෙන එක. මොකක්හරි ආණ්ඩුවට රිදෙන ලොකු ඉෂූ එකක් ආව හැම වෙලාවෙම මහින්ද ඒක නියමෙට කරනවා. අපිට මතකයි උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවා හැමෝටම දේශපාලනය කරන්න නිදහස තියෙනවා කිව්ව වෙලාවේ දකුණේ වාමාංශික කොටස් ගියා උතුරේ දේශපාලනේ කරන්න. ඒ වෙලාවේ උතුරේ තරුණයන්ගේ ආදරේ දිනාගත්ත ලලිත් කූගන් අතුරුදන් වුණා. එතකොට විපක්ෂයට අමතක  වුණා උතුරේ දේශපාලනේ, එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ ලලිත් කූගන් ගැන. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ කතාබහක් ඇතිවුණ වෙලාවේ බොදු බල සේනාව මුස්ලිම් කඩවලට ගහන්න පටන්ගත්තා. විපක්ෂයට 13 අමතක වුණා. එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ  බොදු බල සේනාව.

ඒ ගේම ජිනීවාවල අපට විරුද්ධව යෝජනාවක් ගේන්න සූදානම් වෙච්ච වෙලාවේ ආණ්ඩුව එකපාරටම කැබිනට් සංශෝධනයක් ගෙනාවා. එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ ජිනීවා නෙවෙයි කැබිනට් සංශෝධනය. ඒ වගේම අපිට විරුද්ධව ජිනීවා යෝජනා සම්මත වෙච්ච වෙලාවේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයන් ගැන කතාවක් ඇද්දා. විපක්ෂයට ජිනීවා අමතක වුණා. ආර්ථික ඝාතකයා සටන් පාඨය වුණා. ඊට පස්සෙ ශිරාණි බණ්ඩාරනායකට දෝෂාභියෝගේ ගෙනාව වෙලාවේ නීතියේ ස්වාධීනත්වය බරපතළ තර්ජනයකට ගිය වෙලාවේ විපක්ෂයේ සටන් පාඨය වුණේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාඩිවෙනවාද නැද්ද කියන එක. ඒ වගේම තමයි රතුපස්වල ජල ප‍්‍රශ්නය ආව වෙලාවේ වතුර ඉල්ලලා සටන් කරපු මිනිස්සු වෙඩි කාපු වෙලාවේ විපක්ෂය දන්නෙම නැතුව විපක්ෂයේ සටන් පාඨය කිරි පිටි වුණා. විදුලිබිල ඉහළ ගිය වෙලාවෙ වැඩිවුණ විදුලිබිල නෙවෙයි විපක්ෂයට දැනුණෙ, අසාද් සාලිව අත්අඩංගුවට ගත්ත එක. මේ විදිහට මහින්ද ආණ්ඩුවට බරපතළ විදිහට ගහන්න පුළුවන් ඉෂූ ආපු හැම වෙලාවකම ගාණට විපක්ෂය ඇන්දුවා. මේ වෙලාවෙත් මහින්ද විපක්ෂයට රෙදි ටික පෙන්නුවා විතරයි විපක්ෂය ඒ රෙදි ටික අරගෙන ගාණට කපලා මහලා ඇඳගත්තා. අද විපක්ෂෙට ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් ආව වෙලාවෙ රටේ මාධ්‍ය ගැන කියන්න තිබුණෙ මාධ්‍යවේදීන්ගේ ගෙවල්වලට හොරු පනිනවා වහාම ඒ ගැන හොයන්න කියලා විතරයි. මීට කලින් මේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් මුහුණදුන්නු බරපතළ කාරණා ගැන වගේ වගක් නැතිවුණා.  දැන් පිල්ලේ ගිහින් ලෝකෙට කියයි ලංකාවෙ ඔය කියන තරම් ලොකු ප‍්‍රශ්න නැහැ.

මාධ්‍ය සම්බන්ධයෙන් වුණත් තියෙන්නෙ මාධ්‍යවේදීන්ගෙ ගෙවල්වලට කැති පිහිගත්ත අහිංසක හොරු පනින එක විතරයි. ඒ පැන්නත් මහින්දගෙ පොලීසිය සැණින් එසැණින් ඒ හොරු ටික අල්ලනවා. ඒ තරම් නීතියක්, සාමයක් යහපාලනයක් තියෙන මෙවන් ආශ්චර්යවත් රටක් වෙන කොහෙන්දා? කියලා.



එතකොට අපිට ඉතිං හායි හායි හිප්පි හිප්පු රා.....


සමන් සමරක්කොඩි.

Happy Alphabet



සතුටේ හෝඩිය




A- Accept

(පිළිගන්න)

පිළිගන්න, අනෙකා සහ ඔවුන්ගේ විවිධත්වය. ඔයාට තේරුම් ගන්න අමාරු අවස්ථාවලදී පවා ඔවුන්ගේ විශ්වාසයන්, අදහස් සහ කි‍්‍රයාකාරකම්.



B- Break away

(අතහරින්න)

ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු ඉටුකරගැනීමට යන පාරේ අතරමඟදී මුණගැසෙන සියලූ බාධා කරන්නන් අතහරින්න.



C- Create

(හදාගන්න)

හදාගන්න පවුලක් වගේ යාළුවෝ පිරිසක්්. ඔයාට ඔයාගේ බලාපොරොත්තු සිහින, දුක සහ සතුට 

බෙදාගන්න පුළුවන්. 



D- Decide

(තීරණය කරන්න)

මොනවා වුණත් ඔයා සාර්ථකත්වය සහ සතුට ළඟා කරගන්නා බවත් සිදුවන්නා වූ සෑම දෙයක්ම ඔයාගේ වාසියට සිදුවන බවටත් තීරණය කරන්න. මාර්ග බාධක කියන්නේ දීර්ඝ ගමනකදී අපට හමුවෙන ඉතාමත් සුළු කටුකොහොල් විතරයි. 



E- Explore

(ගවේෂණය කරන්න)

ලෝකය ඔයාට හුඟාක් දේවල් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔයත් මේ ලෝකෙට යමක්් දිය යුතුයි. හැමවිටම උත්සහ කරන්න අලූත් දෙයක් කරන්න. එහෙම කරනකොට ඔයාට ඔයා තුළින්ම හුඟක් දේවල් ගවේෂණය කරන්න පුළුවන්. 



F- Forgive

(සමාව දෙන්න)

සමාව දෙන්න, අමතක කරන්න. කෝන්තර කියන්නේ ඔයාව අඩපණ කරන අමතර බරක් වගේම අසතුට සහ දුක හිතට කාවද්දන උගුුලක්්. හැකි ඉක්මනින් ඊට උඩින් ඉඟිල යන්න. අමතක කරන්න එපා හැමකෙනෙක්ගෙන්ම අඩුපාඩු විය හැකි බව. 



G- Grow

(වැඩෙන්න)

පුංචි කාලේ ඔයාව බයකරපු යක්කුන්ව එළවලා දාන්න. උන්ට තවදුරටත් ඔයාව බය කරන්න දෙන්න එපා. වැඩෙන්න, ඔයාගේ ගමන යන්න පටන් ගන්න.



H- Hope

(බලාපොරොත්තු වෙන්න)

අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවක් 

තියාගන්න. ඒ වගේම ඔයාගේ ඉලක්කය කරා යන්න අවශ්‍ය කැපවීම රඳවා තබා ගැනීමට උපකාරී වන කිසිම දෙයක් කවදාවත් අමතක කරන්න එපා. 





I- Ignore

(නොසලකා හරින්න)

ඔයාගේ අභ්‍යන්තරයෙන් ඇහෙන ඍණාත්මක හඬ නොසලකා හරින්න. නිරතුරුවම ඔයාගේ අරමුණ කෙරෙහි ඉලක්කගත වෙන්න. මතක් කරගන්න ඔයා විසින් ඉෂ්ට කරගැනීමට ඇති අභිමතාර්ථ ගැන. ඔයාගේ අතීත ජයග‍්‍රහණ කියන්නේ අනාගතයේදී ඔයා අල්ලගන්න යන තැන ගැන කරන සුළු ඉඟියක් විතරයි.



J- Journey

(සංචාරය කරන්න)

සංචාරය කරන්න අලූත් ලෝකවල, අලූත් හැකියාවන්වල, විවෘත මනසකින්. හැමදාම අලූත් දෙයක් ඉගෙනගන්න උත්සහ කරන්න. ඔයාටත් නොදැනීම ඔයා වර්ධනය වේවි. 



K- Know

(අවබෝධ කරගන්න)

ඔයා ඉදිරියේ කොයිතරම් නරක දේවල් පෙනෙන්න තිබුණත් ගණන් ගන්න එපා. මොකද නරක දේවල් පිටිපස්සේ තමයි නිතරම හොඳ දේවල් තියෙන්නේ. අවබෝධ කරගන්න වසන්තයේ උණුසුම හැමදාමත් එන්නේ කටුක සීත ඍතුවෙන් පස්සේ කියන එක.



L- Love

(ආදරය කරන්න)

වෛරය වෙනුවට ඔයාගේ හදවතේ ආදරය පිරෙන්න ඉඩදෙන්න. ඔයාගේ හදවතේ වෛරය තියෙන විට වෙනත් කිසිම දේකට ඒ හදවතේ ඉඩ නැහැ. නමුත් ඔයාගේ හදවත ආදරෙන් පිරිලා තියෙනකොට නිමක් නැති සතුටට එතැන ඕනෑතරම් ඉඩ තියෙනවා. 



M- Manage

(කළමනාකරණය කරන්න)

ඔයාගේ කාලය සහ වියදම් බුද්ධිමත් ලෙස කළමනාකරණය කරන්න. ආතතිය සහ කනගාටුවෙන් විඳවන ජීවිතයෙන් මිදෙන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි ඔයාගේ ජීවිතේ වඩා වැදගත් දේවල් ගැන හිත යොමු කරන්න. 



N- Notice

(සලකන්න)

නොසලකා හරින්න එපා කවදාකවත්ම දුප්පතුන්, අසරණයන්, බෙලහීනයන්, දුබලයන් හෝ වේදනා විඳින්නන්. නිරතුරුවම උත්සහ කරන්න ඔවුන්ව තේරුම්ගන්න. ඔයාට හැකි සෑම අවස්ථාවකදීම කරුණාවෙන් ඔවුන්ට සලකන්න. 



O- Open

(විවෘත කරන්න)

ඔයාගේ දෑස් විවෘත කර අවට ඇති සියලූම සුන්දර දේවල් ඔයා තුළට ගන්න. ඔයාට පෙනේවි ඉතාමත්ම නරක කාලයකදී වුවත් ස්තූතිවන්ත වෙන්න පුළුවන් හුඟාක් දේවල් ඉතිරිවෙලා තියෙන බව. 



P- Play

(සෙල්ලම් කරන්න)

මේ පාරදිගේ යනකොට සෙල්ලම් කරමින් සන්තෝෂ වෙන්න අමතක කරන්න එපා. මොකද සන්තෝෂයෙන් තොර සාර්ථකත්වයක් කොහෙවත් නැහැ. 




Q- Question

(ප‍්‍රශ්න කරන්න)

නිරන්තරයෙන්ම ප‍්‍රශ්න කරන්න. මන්ද ඔයා මෙහි සිටින්නේ ඉගෙනගැනීම සඳහා. 



R- Relax

(සැහැල්ලූ වන්න)

කනගාටුවට සහ ආතතියට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා. සැහැල්ලූ වෙන්න. මතක තියාගන්න සෑම ක‍්‍රියාවලියකම අවසානයක් තිබෙන බව. 



S- Share

(බෙදාගන්න)

ඔයාගේ දක්ෂතාවන්, හැකියාවන්, දැනුම, කාලය අන් අය සමග බෙදාගන්න ලෝබවෙන්න එපා. ඔයා අන් අය වෙනුවෙන් කරන සෑම ආයෝජනයක්ම ඔයාට අවස්ථා ගණනාවකදීම ලාභ ගෙන දේවි. 



T- Try

(උත්සහ කරන්න)

ඔයාගේ සිහින සැබෑ කරගැනීමට නොහැකි යැයි පෙනෙද්දී පවා කුමන ආකාරයෙන් හෝ ඒ සඳහා උත්සහ කරන්න. ඔයාට කිරීමට හැකි දේ ඔයාවම පුදුමයට පත්කරාවි. 



U- Use

(පාවිච්චි කරන්න)

ඔයාගේ විශිෂ්ට හැකියාවන් පාවිච්චි කරන්න. අපතේ ගිය දක්ෂතාවන්ගේ වටිනාකමක් නෑ. ඔයාගේ දක්ෂතා ගොනු කරගන්න. ඒක ඔයා බලාපොරොත්තු නොවූ 

ත්‍යාගයක් වේවි.



V- Value

(අගේ කරන්න)

ඔයාව ධෛර්යවත් කරන සහ ඔයාට උදව් කරන ඔයාගේ හිත මිතුරන් සහ පවුලේ අය අගේ කරන්න. ඒ වගේම හැකි සෑමවිටම ඔවුන් සමග ඉන්න.



W- Work

(වැඩ කරන්න)

ඔයාට යන්න පුළුවන් ඉහළම තැනට යන්න දිනපතාම මහන්සිවෙලා වැඩ කරන්න. නමුත් ඒ මඟින් ඔයාගේ ඉලක්කයට යාමට නොහැකි වුණොත් කිසිවිටෙකවත් අධෛර්යවත් වෙන්න එපා. කන්දක් නැංගොත් පල්ලමකුත් හම්බවෙන බව මතක තියාගන්න.



X- X-Ray

(විනිවිද දකින්න)

ඔයාගේ වටේට ඉන්න පුද්ගලයන්ගේ හදවත් ඇතුළාන්තය ගැඹුරට විනිවිද දකින්න. ඒ තුළින් ඔයාට පෙනේවි යහපත්බව සහ සුන්දරත්වය. 



Y- Yield

(උපයන්න)

ඉපැයීම කැපවීම මත වේ. ඔයා පාරේ ඉන්නේ ඒකායන කැපවීමකින් නම්, පාර ඉවර වෙනකොට ඔයාට සාර්ථකත්වය ලැබේවි.



Z- Zoom

(නාභිගත කරන්න)

අඳුරු මතකයන් හෝ දුක ඔළුව උස්සනකොට ඔයාගේ හිත ඔයා ගතකළ සුන්දර තැන්වලට ගෙනියන්න. ඔයාගේ ගමනට බාධාකරන්න කිසි දේකට ඉඩදෙන්න එපා. ඔබේ හැකියාවන් සහ ඔබේ සිහින, දීප්තිමත් හෙට දවසක් සඳහා නාභිගත කරන්න.










හිතන්න,
මේ සතිය පුරාවටම.

සමන් සමරක්කොඩි.

Saturday, August 24, 2013

Miracle

ආශ්චර්යයේ මිල


ටීෂා කියන්නේ අවුරුදු 8ක් විතර පැහිච්ච පුංචි කෙල්ලෙක්. එයාට හැමතිස්සේම ඇහෙනවා එයාගේ අම්මයි තාත්තයි එයාගේ පුංචි මල්ලී අන්ඩෲ ගැන කතා කරනවා. ටීෂාගේ පුංචි මල්ලී බරපතළ විදිහට ලෙඩවෙලා හිටියේ. තාත්තගෙ සල්ලි ඔක්කොම ඒ ලෙඬේට වියදම් කරලා තිබුණේ. ඊළඟ මාසයේ ඒගොල්ලන්ට ඒගොල්ලො හිටපු ගෙදරිනුත් යන්න වෙලා තිබුණේ. ඒකට හේතුව තමයි දොස්තරගේ ගාස්තුවයි, ගෙවල් කුලියයි කියන දෙකම තාත්තට තවදුරටත් ගෙවාගන්න බැරිවීම. ඉතාම වියදම් අධික ඔපරේෂන් එකකින් ඇරෙන්න පුංචි ඇන්ඩෲව බේරගන්න බැරි බව ඒගොල්ලෝ දැනගෙන හිටියා. හැබැයි මේ වේලාවේ ඒගොල්ලන්ට ණයක් දෙන්නවත් කවුරුවත් කැමැති වුණේ නැහැ. දවසක් ටීෂාට ඇහුනා තාත්තා බලාපොරොත්තු කඩවෙච්ච ස්වරයෙන්හැඩුම්බරව හිටිය අම්මට කොඳුරනවා, ‘දැන්නම් ඉතිං ආශ්චර්යකටම විතරයි එයාව බේරගන්න පුළුවන්කියලා.

ටීෂා එයාගේ කාමරේට ගිහිල්ලා, කාමරේ පුංචි රහස් කුටියක හංගලා තිබුණු වීදුරු ජෝගුවක් එළියට ගත්තා. ඒකේ පුරවල තිබුණ මාරු කාසි ඔක්කොම බිමට හලලා එයා පරිස්සමෙන් ගණන් කළා. එකපාරක් දෙපාරක් නෙවෙයි තුන්පාරක්ම ගණන් කළා. ජෝග්ගුවේ තිබුණු ගාණ දැන් හරියටම තහවුරුයි. වරදින්න කිසිම අවස්ථාවක් නැහැ. එයා කාසි ටික ආපහු පරිස්සමෙන් ජෝග්ගුව ඇතුළට දාලා මූඩිය හොඳට තද කළා. ඊට පස්සේ ගෙදර පිටිපස්සෙ දොරින් හෙමිහිට රිංගලා පාර දිගේ ඇවිදගෙන ඒගොල්ලන්ගෙ ගෙවල්ගාව තිබුණු ෆාමසියට ගියා.
ටීෂා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා ඖෂධවේදියා එයා ගැන අවධානය යොමු කරන කම්. නමුත් ඖෂධවේදියා ඒ වේලාවේ හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. ටීෂා එයාගේ සපත්තුව පොළොවේ ඇතිල්ලූවා.   කිසිම ප‍්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ එයා එයාගේ උඟුර පෑදුවා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ.
අන්තිමට එයා සල්ලි දාල තිබුණු වීදුරු ජෝගුව ෆාමසියේ වීදුරු කවුන්ටරය උඩින් මහ හඬක් නැගෙන විදිහට  තිබ්බා. ඒ පාරනම් වැඬේ හරි ගියා.

මොනාද  ඕනේඖෂධවේදියා කේන්තියෙන් ඇහැව්වා.මම මේ මගේ චිකාගෝවල ඉඳල ආපු මල්ලිත් එක්ක කතා කර කර ඉන්නේ. හුඟකාලෙකට පස්සෙ මම එයාව අදයි දැක්කේඖෂධවේදියා එයා  ටීෂාගෙන් අහපු ප‍්‍රශ්නෙට එයාට උත්තර දෙන්නත් ඉඩ නොතියාම කියාගෙන කියාගෙන ගියා.

මමත් ආවේ මගෙ සහෝදරය ගැන කතා කරන්නටීෂාත් කේන්තියෙන් උත්තර දුන්නා. එයා හොඳටම අසනීපවෙලා ඉන්නේ. මම ආවේ  එයාට ආශ්චර්ය අරගෙන යන්න
මොකක්ද කිව්වේ
ඖෂධවේදියා පුදුමයෙන් වගේ ඇහුවා.
මගේ මල්ලිගේ නම ඇන්ඩෲ. එයාගෙ ඔළුව ඇතුළේ මොකක් හරි නරක දෙයක් තියෙනවා. මගෙ තාත්තා කිව්වා දැන් නම් ආශ්චර්යයකටම විතරයි එයාව
බේරගන්න පුළුවන් කියලා. ඉතින් මට කියන්න ආශ්චර්යය කීයක් විතර වෙයිද
අපි මෙහෙ ආශ්චර්ය විකුණන්නේ නැහැ පුංචි කෙල්ලේ. සමාවෙන්න, මට ඔයාට උදව්වෙන්න විදිහක් නැහැඖෂධවේදියා ඒ පාරනම් බොහොම නිවුණු හඩින්් කිව්වා.
මේ අහන්න ඒකට ගෙවන්න මගේ ළඟ සල්ලි තියෙනවා. මදිවුණොත් ඉතුරු ටික මම පස්සේ ගෙනත් දෙන්්නම්. මට කියන්න ඒක කීයක් විතර වෙයිද?’

ඖෂධවේදියාගේ මල්ලි පැත්තකට වෙලා මේ කතාව අහගෙන හිටියා. එයා බොහොම ජැන්ඩියට  ඇඳගෙන හිටපු මහත්තයෙක්.  එයා පුංචි ටීෂා දිහාට නැවිලා ඇහුවා.
ඔයාගෙ මල්ලිට මොනවිදිහේ ආශ්චර්යයක්ද  ඕනකරන්නේ?’
මම දන්නෙ නැහැකඳුළු පිරිච්ච දෑසින් ටීෂා උත්තර දුන්නා. මම දන්න විදිහට එයාට හොඳටම සනීප නැහැ. අම්ම කිව්වා එයාට ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා. නමුත් තාත්ත ගාව සල්ලි නැහැ. ඉතින් මම හැදුවේ මගේ ළඟ තියෙන සල්ලිවලින් එයාලට උදව්වෙන්න
ඔයා ළඟ කීයක් තියෙනවදචිකාගෝවල ඉඳල ආපු මහත්තයා ඇහුවා ඩොලර් එකයි සත එකොළහයිටීෂා ඇහෙන නොඇසෙන හ`ඩින් උත්තර දුන්නා. එච්චරයි මගේ ළඟ දැන් තියෙන්නේ. නමුත් මදිනම් මට තව ටිකක් හොයාගන්න පුළුවන්
මාර ගනුදෙනුවක් තමයිමහත්තයා හිනාවුණා. ඩොලර් එකයි සත එකොළහයි, පුංචි මල්ලියාගේ ආශ්චර්යය වෙනුවෙන්  හරියටම ගෙවන්න තියෙන මුදල’. ඔහු එක අතකින් සල්ලි ටික අරගෙන අනිත් අතින් පුංචි ටීෂාගේ අත අල්ලගත්තා.
මාව ඔයාගේ ගෙදරට එක්කන් යන්න. මුලින්ම මට ඔයාගෙ මල්ලිව බලන්න  ඕනෙ. ඊට පස්සෙ මට ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න  ඕනෙ.  ඊට පස්සේ අපි බලමු මගේ ළඟ ඔයාට  ඕන කරන ආශ්චර්යය තියෙනවද කියලා

ඊට පස්සේ පුංචි ඇන්ඩෲගේ ඔපරේෂන් එක සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධවුණා විතරක් නෙමෙයි, එයාට හොඳටම හොඳවෙලා ගෙදර යන්න අවස්ථාව ලැබුණා.  මේ ජැන්ඩියට ඇඳ පැළඳ හිටි මහත්තයා වෙන කවුරුවත් නෙමෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප‍්‍රකට ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාල්ටන් අම්ස්ට්‍රෝන්. අම්මටයි තාත්තටයි හරි පුදුමයි දම්වැලක් වගේ  ඒ ගොල්ලො අද මේ ලබන සතුට   දක්වා ගෙනආව කි‍්‍රයාවලිය ගැන.
මේ ඔපරේෂන් එකටීෂාගේ අම්මා  දරාගන්න බැරිතරම් සංතෝෂෙකින් කෙඳුරුවා. ඇත්තටම ඒක ආශ්චර්යයක්. මට පුදුමයි. ඇත්තටම ඒකට කීයක් විතර වියදම් වෙන්න ඇතිද?’
පුංචි ටීෂා හිනා වුණා. මොකද එයා විතරයි දන්නේ මේ ආශ්චර්යයේ ගාණ හරියටම කීයද කියලා. ඩොලර් එකයි සත එකොළහයි.  ඒකට එකතු වුණා පුංචි ඇන්ඩෲගේ වාසනාවත්.

 හිතන්න

මේ සතියෙ පුරාවට

සමන් සමරක්කොඩි.

Hayaweni Pituwa! 2

හයවෙනි පිටුව. 2


සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ දහර සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාගයා, ගින්දර, රජ කුමරා සහ භික්ෂුව පරිස්සමෙන් ආශ‍්‍රය කරන්න කියලා.
පසුගිය සුමානේ හුඟක් මාධ්‍යවල පළවෙලා තිබුණා ඡුායාරූපයක්. ඒකෙ තිබුණේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ 14 වැනිදා තිබුණු විපක්ෂ විරෝධතාව අස්සේ භික්ෂුවකගේ කරට අත දාගෙන ඉන්නවා. හර්ෂ ආර්ථික විද්‍යාවට ආචාර්ය වුණාට බුද්ධාගම සම්බන්ධයෙන් දහම් පාසල් දරුවකුගේ තරම්වත් දැනුමක් තිබුණ නම් මේ වගේ බයිට් එකක් ආණ්ඩුවේ හොරණෑවලට හම්බවෙන්නෙ නෑ.
මෙතැන මට තියෙන පුදුමෙ නම් දයාසිරි එජාපයෙන් යනකොට කරල ගිය දෝෂාරෝපණවලට නින්දෙන් ඇහැරුණා වගේ සුමානෙකට විතර පස්සෙ පාර්ලිමේන්තුවේදී මජ්ක්‍ධිම නිකායෙන් උද්ධෘත අරගෙන උත්තර දීපු රනිල්ගෙ ගෝලයෙක් මෙහෙම හැසිරිච්ච එක ගැන. අපි දන්න විදියට රනිල් ත‍්‍රිපිටකය ගැන හසල දැනුමක් තියෙන නායකයෙක්. දැන් රනිල්ට ඔක්කොටම කලින්  කරන්න වෙන්නේ තමන්ගේ මේ මන්ත‍්‍රී ළදරුවන්ට දහම් පාසලක් දාලා බුද්ධාගම උගන්නන්න. නැත්තම් ඊළඟට මේගොල්ලෝ බුදුහාමුදුරුවන්ටත්  මචං කියයි.
ආචාර්ය හර්ෂගේ හාමුදුරු පේ‍්‍රමේ ගැන පිංතූරේ ආණ්ඩුවේ හොරණෑවල ගියාට පස්සෙ එෆ්.බී. එකෙත් ඒ වගේම පිංතූරයක් දාල තිබුණා. ඒකෙ හිටියේ එසේ මෙසේ අය නෙවෙයි. බොහොම බලගතු අය. ආචාර්ය හර්ෂ දහර සූත‍්‍රය දන්නෙ නැති වුණාට අපි ඒක කියවල තියෙන නිසා ඒ  පිංතූරෙ ගැන මීට වඩා කතා කරන්නෙ නෑ. මොකද නයි පැටියයි, ගිනි දැල්ලයි, සාමණේරයයි වගේම රාජ කුමාරයත් පුංචියි කියල සෙල්ලමට ගන්න හොඳ නෑ කියලා දහර සූත‍්‍රයේ තියෙන නිසා. ඒ නිසා අපි හාමුදුරුවොත් එක්ක වගේම කුමාරයත් එක්කත් ගනුදෙනු කරන්නේ බොහෝම පරිස්සමෙන්.

අපි එහෙම වුණාට කුමාරවරුත් එක්ක සෙල්ලම් කරන අයත් ඉන්නවා. එහෙම එක්කෙනෙක් තමයි අපේ රටම දන්න මහඇමැතිතුමා. රට’  කියන්නේ තමන්ගේ භුක්තියට කැප වෙච්ච සින්නක්කර දේපළක් කියලා හිතාගෙන ඉන්න රාජවංශයක් එක්ක ගනුදෙනු කරනකොට බාසාවපාවිච්චි කරන්න දයාසිරි ඉගෙනගෙන නෑ. ඒ නිසා දයාගේ රටම දන්නකෑල්ල දැන් රාජ උදහසට ලක්වෙලා. දයාසිරිට මෙහෙම වෙයි කියලා අපි කිව්වේ මීට සති තුන හතරකට කලින්. තාම කසකාරයෝ විතරයි. පෙරහර එන්නේ පිටිපස්සෙන්.
දයාසිරිට ඇයි මෙහෙම වුණේ? දයාසිරි තමයි මේ වෙලාවේ දේශපාලන වේදිකාවේ මෙගාස්ටාර්. ඒකට මහින්ද කැමැති නෑ. මහින්ද කොහොමත් දයාසිරි රියැලිටි ෂෝ එකේ මෙගාස්ටාර් වෙනවාටත් කැමැති වුණේ නැති බව දයාසිරි කියනවා. දයාසිරිම එයාගේ යාළුවෙකුට කියලා තියෙනවා එයාව රියැලිටි මෙගාස්ටාර් එකෙන්
පැරැුද්දුවෙ මහින්ද කියලා. මහින්දගේ හීනේ තමයි තමන්ගේ කෙනෙක් මෙගාස්ටාර් කරන එක. ඒ හින්දා තමයි දයාසිරිට සහය දෙන්න එජාප කුරුණෑගල හිටපු සංවිධායකයෙක් වෙච්ච ලෙස්ලි බර්නාඞ් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවේ කීපදෙනෙකුත් එක්ක එනකොට ඒගොල්ලන්ට ශ‍්‍රීලනිප සාමාජිකත්වය දෙන්න එතැන්ට නාමල් යන්නේ. එතකොට දයාසිරි දැනගන්න  ඕන මේ සිස්ටම් එක ඇතුළේ වෙනත් කිසිම තරුණ දේශපාලනඥයෙක්ට තමන් අබිබවා යන්න මේ රාජපක්ෂ රාජවංශය ඉඩදෙන්නේ නැති බව. ඒක එහෙම තේරුම්ගන්නේ නැතිව, නාමල් ආව නිසා ලෙස්ලිලාව පිළිගන්න නොගිහින් දයාසිරිලාට ඡුන්දෙ දෙන සෙනඟ වගේ සිදුවීම්වලට  ප‍්‍රතිචාර දක්වන්න ගියොත් දයාසිරිට වෙන්නේ මේ මෙගාස්ටාර් එකෙනුත් පරදින්න. ඒක කරන්න මහින්ද එච්චර වෙලා ගන්න එකක් නෑ. ඒ නිසා දයාසිරි දැනගන්න  ඕන කුමාරයත් එක්ක සෙල්ලම් කරනකොට පරිස්සම්වෙන්න.

 කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල බලකණුවක් වෙලා හිටපු ගාමිණී ජයවික‍්‍රමගේ සහෝදරයා ගිය සුමානේ දයාසිරිත් එක්ක එකතුවෙලා. යොවුන් පෙරමුණේ කොටසකගේ සහයෝගයත් ලැබිලා. දයාසිරි එජාපයේ ඉන්නකොට හදපු ශාඛා සංවිධාන, වැඩිහිටි සංවිධාන ඔක්කොමත් දයාසිරිත් එක්ක වැඩ. නමුත් ඒකෙන් සෑහීමකට පත් වෙච්ච නැති දයාසිරි එජාපයෙන් මේ පාර පළාත් සභාවට ඉල්ලන පිරිසකුත් හම්බවෙලා කිව්වලූ මල්ලී මට තාමත් උඹලාව ගොඩදාන්න පුළුවන්. ගන්න තීරණයක් දැන්ම ගනින්. පස්සේ මට මුකුත් කියන්න එපාකියලා. දයාසිරිට  ඕන වයඹ තනි අශ්වයකුගේ රේස් එකක් කරන්න. තමන්ගේ මුළු ශක්තියම දාලා වයඹ උඩින්ම දිනලා මහින්දට පෙන්නන්න, මෙන්න මගේ වැඩ කියලා. දයාසිරි දන්නේ නෑ ඒක කොයිතරම් භයානක ද කියලා.

විපක්ෂයේ ඉන්නකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ගැන කතා කරපු දයාසිරිට දැන් අමතකයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකෙන්නනම් විපක්ෂයකුත්  ඕන කියන එක. දයාසිරිත් දැන් හිතන්නේ මහින්ද වගේ ඒ කන්දත් මගේ තමයි, මේ කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි කියලා.
කුරුණෑගල දයාසිරිගේ කැම්පේන් එක දැක්ක මගේ මිත‍්‍රයෙක් කියනවා දයාසිරිට මාර චියර් එකක් තියෙන්නේ, ගෑනු එහෙම දයාසිරිව අතගානව, ගියපාර දයාසිරි ගත්තේ මනාප එක්ලක්ෂ තිස්දෙදහායි, මේ පාර ඒ වගේ දෙගුණයක් ගන්නවා, අපරාදේ යූඇන්පී එක දයාසිරිව නැති කරගත්තේකියලා. මෙහෙම තමයි මේ රටේ සෙනඟ හිතන්නේ. සෙනඟ කාරණා අල්ලගන්නේ  මේ වගේ හරිම සිල්ලර තැනකින්. ඔව් දයාසිරි අද වයඹ මාර පොරක් තමයි. ඒ දයාසිරිගේ තියෙන වෙන මොකක්වත් හින්දා නෙවෙයි, දයාසිරි අද ඉන්නේ බලය තියෙන පැත්තේ. බලය තියෙන පැත්තේ ඉන්නකොට සිංහයෝ වෙන උන් බලය නැති තැනට ආවම බලූ වෙනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඡුන්ද මැෂිම කියලා පූචානම් කිව්ව එස්.බී.  එජාපෙට ඇවිල්ලා පච වුණා. එස්. බී.ගේ ඡුන්ද මැෂිම විපක්ෂෙ ඉන්නකොට වැඩ කළේ නෑ. චන්ද්‍රිකා ආණ්ඩුවේ වගේම මහින්දගේ ආණ්ඩුවේත් මඩ වළ වෙච්ච මංගලට තමත් බැරිවුණා එදා එයා රනිල්ට ගහපු මඩ ටික හෝදලා රාජපක්ෂ ආණ්ඩුවට මඩ කෙසේ වෙතත් වැලි ටිකක්වත් ගහන්න. ඒක තමයි බලය අහිමි වීමේ යථාර්ථය. එතකොට අද ආණ්ඩුවට ගිහිල්ලා මාර පොරක් වෙච්ච දයාසිරි විපක්ෂයේ හිටියානම් ඔය කියන දර්ශන දාන්න බෑ. එහෙම පුළුවන්කමක් තිබ්බ නම් ගෙවී ගිය මැතිවරණවලදී දයාසිරි ඒ වගේ දර්ශන නොදා ඉන්නෙත් නෑ. මොකද දයාසිරිත් ආසයි එයා ඉන්න තැන එයාට  යන්න පුළුවන් ඉහළම තැනට යන්න. ඒක රනිල් ළඟ ඉඳලා කරන්න බැරි වෙච්ච නිසා තමයි. එයා අද මහින්ද ළඟට ගිහින් ඒකට ට‍්‍රයි එකක් දෙන්නේ.


 දයාසිරි එහෙම තමන්ට යන්න පුළුවන් උඩටම යන්න ට‍්‍රයි කරනකොට, රනිල් කියන්නේ මේ පාර පළාත් සභා ඡුන්දෙදි එජාප පාක්ෂිකයන්ට ඡුන්ද පොළට එන්න කියලා විතරයි.  ඡුන්ද පොළට ඇවිත් එජාපෙට ඡුන්දෙ දාන්න කියලා කොහේවත්  කියලා නෑ. රනිල් කිව්වත් නැතත්  මෙදා පාර වයඹ යූඇන්පීකාරයෝ ටික නම් නොවැරැුදීම ඡුන්ද පොළට එනවා. ඇවිත් දයාසිරිට කතිරේ ගහනවා. එතකොට දයාසිරිගෙ කැම්පේන් එකට ඇයි රනිල් මෙහෙම කැන්වසින් කරන්නේ. රනිල්ගේ වටේ ඉන්න කේවට්ටයෝ ටික කාලෙන් කාලෙට  රනිල්ට මේ විදියේ දිරච්ච ලණු දෙනවා.

රනිල්ට ඡුන්දෙ දිනන්න  ඕනෙ නැති වුණාට යූඇන්පීකාරයන්ට ඡුන්දෙ දිනන්න  ඕනෙ. බලය ගන්න  ඕනෙ. ඒ නිසා තමයි මේ පාර වයඹ යූඇන්පීකාරයෝ ටික දයාසිරි වටේට රොද බැඳගෙන ඉන්නේ. දයාසිරිට වයඹ මෙච්චර හරියක් කරන්න පුළුවන් වෙන්නේ එජාප පාක්ෂිකයන් අතර තියෙන ඒ ජයග‍්‍රහණයේ පිපාසාව නිසා, ඒ බලයට තියෙන වුවමනාව නිසා. එතකොට  රනිල් පාක්ෂිකයන් ඡුන්ද පොළට ගෙන්නන කොට දයාසිරි උඩින්ම දිනනවා. මොකද දයාසිරිට යූඇන්පී ඡුන්ද ටිකට අමතරව මේ පාර ශ‍්‍රී ලංකා ඡුන්ද ටිකත් වැටෙන නිසා. එහෙම ගත්තාම දයාසිරි යන මේ අතිධාවනකාරී ගමනට රනිලූත් පොඩි තල්ලූවක් දෙනවා.  රනිල්ට  ඕන  පළාත් සභාව දිනන්න නෙමෙයි. රනිල්ගේ ටාර්ගට් එක 2014 ජනාධිපතිවරණය. රනිල් දන්නවා තාමත් යුද ජයග‍්‍රහණයෙන් චූන් වෙලා ඉන්න සෙනඟත් එක්ක රනිල්ට මහින්දත් එක්ක හැරෙන්වත් බැරි බව. එහෙනම් රනිල්ට  ඕනෙ මහින්දට අභියෝග කරන්න, මහින්දට වඩා ජනප‍්‍රිය චරිතයක්. මේ වෙලාවේ ඒකට ඉන්න නියම බඩුව තමයි දයාසිරි. පඬුවස් නුවර ප‍්‍රාදේශීය සභාවේ අතරමං වෙච්ච දයාසිරිව ජාතික දේශපාලනේ මෙගා ස්ටාර් කළේ රනිල්. ඒක තව පියවරක් ඉදිරියට අරගෙන මහින්ද දයාසිරිව රටම දන්න මහඇමැති කරලා දෙනවා.  මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කිව්වා වගේ රනිල්ගේ ඊළඟ තුරුම්පුව දයාසිරි වෙන්න පුළුවන්.  මහින්දත් එක්ක කාගෙන බීගෙන හිටිය ෆොන්සේකාත් එහෙම වුණා නම් දයාසිරි මෙහෙම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්? කවුද කැමැති නැත්තේ මේ ආශ්චර්යවත් රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න? හැබැයි ඒ ඔක්කොම කරන්න දයාසිරි ඉන්න  ඕන.
ඒ නිසා දයාසිරි ඉගෙනගන්න  ඕන රජ්ජුරුවොත් එක්ක වගේම රජ කුමාරයොත් එක්කත් ගනුදෙනු කරන විදිහ. ඒකට සංයුක්ත නිකායේ දහර සූත‍්‍රය කියවන්න. ඊට පස්සේ හැකි ඉක්මනින් හර්මන් හෙසගේ සිද්ධාර්ථකියවන්න. ඒකෙ එක තැනක සිද්ධාර්ථගේ සමත්කම් ගැන පැහැදෙන එක පුද්ගලයෙක් සිද්ධාර්ථට මෙහෙම කියනවා,

යාළුවා නුඹ සැබෑ දක්ෂයෙක් වෙන්න පුළුවන්.
ඒ වුණාට ඒ දක්ෂකම් ඔක්කොම
එකපාර පෙන්නන්න යන්න එපා.

ඒක නුඹේ අවසානය ඉක්මන් කරාවි

සමන් සමරක්කොඩි.