Saturday, August 24, 2013

Hayaweni Pituwa! 2

හයවෙනි පිටුව. 2


සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ දහර සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාගයා, ගින්දර, රජ කුමරා සහ භික්ෂුව පරිස්සමෙන් ආශ‍්‍රය කරන්න කියලා.
පසුගිය සුමානේ හුඟක් මාධ්‍යවල පළවෙලා තිබුණා ඡුායාරූපයක්. ඒකෙ තිබුණේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ 14 වැනිදා තිබුණු විපක්ෂ විරෝධතාව අස්සේ භික්ෂුවකගේ කරට අත දාගෙන ඉන්නවා. හර්ෂ ආර්ථික විද්‍යාවට ආචාර්ය වුණාට බුද්ධාගම සම්බන්ධයෙන් දහම් පාසල් දරුවකුගේ තරම්වත් දැනුමක් තිබුණ නම් මේ වගේ බයිට් එකක් ආණ්ඩුවේ හොරණෑවලට හම්බවෙන්නෙ නෑ.
මෙතැන මට තියෙන පුදුමෙ නම් දයාසිරි එජාපයෙන් යනකොට කරල ගිය දෝෂාරෝපණවලට නින්දෙන් ඇහැරුණා වගේ සුමානෙකට විතර පස්සෙ පාර්ලිමේන්තුවේදී මජ්ක්‍ධිම නිකායෙන් උද්ධෘත අරගෙන උත්තර දීපු රනිල්ගෙ ගෝලයෙක් මෙහෙම හැසිරිච්ච එක ගැන. අපි දන්න විදියට රනිල් ත‍්‍රිපිටකය ගැන හසල දැනුමක් තියෙන නායකයෙක්. දැන් රනිල්ට ඔක්කොටම කලින්  කරන්න වෙන්නේ තමන්ගේ මේ මන්ත‍්‍රී ළදරුවන්ට දහම් පාසලක් දාලා බුද්ධාගම උගන්නන්න. නැත්තම් ඊළඟට මේගොල්ලෝ බුදුහාමුදුරුවන්ටත්  මචං කියයි.
ආචාර්ය හර්ෂගේ හාමුදුරු පේ‍්‍රමේ ගැන පිංතූරේ ආණ්ඩුවේ හොරණෑවල ගියාට පස්සෙ එෆ්.බී. එකෙත් ඒ වගේම පිංතූරයක් දාල තිබුණා. ඒකෙ හිටියේ එසේ මෙසේ අය නෙවෙයි. බොහොම බලගතු අය. ආචාර්ය හර්ෂ දහර සූත‍්‍රය දන්නෙ නැති වුණාට අපි ඒක කියවල තියෙන නිසා ඒ  පිංතූරෙ ගැන මීට වඩා කතා කරන්නෙ නෑ. මොකද නයි පැටියයි, ගිනි දැල්ලයි, සාමණේරයයි වගේම රාජ කුමාරයත් පුංචියි කියල සෙල්ලමට ගන්න හොඳ නෑ කියලා දහර සූත‍්‍රයේ තියෙන නිසා. ඒ නිසා අපි හාමුදුරුවොත් එක්ක වගේම කුමාරයත් එක්කත් ගනුදෙනු කරන්නේ බොහෝම පරිස්සමෙන්.

අපි එහෙම වුණාට කුමාරවරුත් එක්ක සෙල්ලම් කරන අයත් ඉන්නවා. එහෙම එක්කෙනෙක් තමයි අපේ රටම දන්න මහඇමැතිතුමා. රට’  කියන්නේ තමන්ගේ භුක්තියට කැප වෙච්ච සින්නක්කර දේපළක් කියලා හිතාගෙන ඉන්න රාජවංශයක් එක්ක ගනුදෙනු කරනකොට බාසාවපාවිච්චි කරන්න දයාසිරි ඉගෙනගෙන නෑ. ඒ නිසා දයාගේ රටම දන්නකෑල්ල දැන් රාජ උදහසට ලක්වෙලා. දයාසිරිට මෙහෙම වෙයි කියලා අපි කිව්වේ මීට සති තුන හතරකට කලින්. තාම කසකාරයෝ විතරයි. පෙරහර එන්නේ පිටිපස්සෙන්.
දයාසිරිට ඇයි මෙහෙම වුණේ? දයාසිරි තමයි මේ වෙලාවේ දේශපාලන වේදිකාවේ මෙගාස්ටාර්. ඒකට මහින්ද කැමැති නෑ. මහින්ද කොහොමත් දයාසිරි රියැලිටි ෂෝ එකේ මෙගාස්ටාර් වෙනවාටත් කැමැති වුණේ නැති බව දයාසිරි කියනවා. දයාසිරිම එයාගේ යාළුවෙකුට කියලා තියෙනවා එයාව රියැලිටි මෙගාස්ටාර් එකෙන්
පැරැුද්දුවෙ මහින්ද කියලා. මහින්දගේ හීනේ තමයි තමන්ගේ කෙනෙක් මෙගාස්ටාර් කරන එක. ඒ හින්දා තමයි දයාසිරිට සහය දෙන්න එජාප කුරුණෑගල හිටපු සංවිධායකයෙක් වෙච්ච ලෙස්ලි බර්නාඞ් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවේ කීපදෙනෙකුත් එක්ක එනකොට ඒගොල්ලන්ට ශ‍්‍රීලනිප සාමාජිකත්වය දෙන්න එතැන්ට නාමල් යන්නේ. එතකොට දයාසිරි දැනගන්න  ඕන මේ සිස්ටම් එක ඇතුළේ වෙනත් කිසිම තරුණ දේශපාලනඥයෙක්ට තමන් අබිබවා යන්න මේ රාජපක්ෂ රාජවංශය ඉඩදෙන්නේ නැති බව. ඒක එහෙම තේරුම්ගන්නේ නැතිව, නාමල් ආව නිසා ලෙස්ලිලාව පිළිගන්න නොගිහින් දයාසිරිලාට ඡුන්දෙ දෙන සෙනඟ වගේ සිදුවීම්වලට  ප‍්‍රතිචාර දක්වන්න ගියොත් දයාසිරිට වෙන්නේ මේ මෙගාස්ටාර් එකෙනුත් පරදින්න. ඒක කරන්න මහින්ද එච්චර වෙලා ගන්න එකක් නෑ. ඒ නිසා දයාසිරි දැනගන්න  ඕන කුමාරයත් එක්ක සෙල්ලම් කරනකොට පරිස්සම්වෙන්න.

 කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල බලකණුවක් වෙලා හිටපු ගාමිණී ජයවික‍්‍රමගේ සහෝදරයා ගිය සුමානේ දයාසිරිත් එක්ක එකතුවෙලා. යොවුන් පෙරමුණේ කොටසකගේ සහයෝගයත් ලැබිලා. දයාසිරි එජාපයේ ඉන්නකොට හදපු ශාඛා සංවිධාන, වැඩිහිටි සංවිධාන ඔක්කොමත් දයාසිරිත් එක්ක වැඩ. නමුත් ඒකෙන් සෑහීමකට පත් වෙච්ච නැති දයාසිරි එජාපයෙන් මේ පාර පළාත් සභාවට ඉල්ලන පිරිසකුත් හම්බවෙලා කිව්වලූ මල්ලී මට තාමත් උඹලාව ගොඩදාන්න පුළුවන්. ගන්න තීරණයක් දැන්ම ගනින්. පස්සේ මට මුකුත් කියන්න එපාකියලා. දයාසිරිට  ඕන වයඹ තනි අශ්වයකුගේ රේස් එකක් කරන්න. තමන්ගේ මුළු ශක්තියම දාලා වයඹ උඩින්ම දිනලා මහින්දට පෙන්නන්න, මෙන්න මගේ වැඩ කියලා. දයාසිරි දන්නේ නෑ ඒක කොයිතරම් භයානක ද කියලා.

විපක්ෂයේ ඉන්නකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ගැන කතා කරපු දයාසිරිට දැන් අමතකයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකෙන්නනම් විපක්ෂයකුත්  ඕන කියන එක. දයාසිරිත් දැන් හිතන්නේ මහින්ද වගේ ඒ කන්දත් මගේ තමයි, මේ කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි කියලා.
කුරුණෑගල දයාසිරිගේ කැම්පේන් එක දැක්ක මගේ මිත‍්‍රයෙක් කියනවා දයාසිරිට මාර චියර් එකක් තියෙන්නේ, ගෑනු එහෙම දයාසිරිව අතගානව, ගියපාර දයාසිරි ගත්තේ මනාප එක්ලක්ෂ තිස්දෙදහායි, මේ පාර ඒ වගේ දෙගුණයක් ගන්නවා, අපරාදේ යූඇන්පී එක දයාසිරිව නැති කරගත්තේකියලා. මෙහෙම තමයි මේ රටේ සෙනඟ හිතන්නේ. සෙනඟ කාරණා අල්ලගන්නේ  මේ වගේ හරිම සිල්ලර තැනකින්. ඔව් දයාසිරි අද වයඹ මාර පොරක් තමයි. ඒ දයාසිරිගේ තියෙන වෙන මොකක්වත් හින්දා නෙවෙයි, දයාසිරි අද ඉන්නේ බලය තියෙන පැත්තේ. බලය තියෙන පැත්තේ ඉන්නකොට සිංහයෝ වෙන උන් බලය නැති තැනට ආවම බලූ වෙනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඡුන්ද මැෂිම කියලා පූචානම් කිව්ව එස්.බී.  එජාපෙට ඇවිල්ලා පච වුණා. එස්. බී.ගේ ඡුන්ද මැෂිම විපක්ෂෙ ඉන්නකොට වැඩ කළේ නෑ. චන්ද්‍රිකා ආණ්ඩුවේ වගේම මහින්දගේ ආණ්ඩුවේත් මඩ වළ වෙච්ච මංගලට තමත් බැරිවුණා එදා එයා රනිල්ට ගහපු මඩ ටික හෝදලා රාජපක්ෂ ආණ්ඩුවට මඩ කෙසේ වෙතත් වැලි ටිකක්වත් ගහන්න. ඒක තමයි බලය අහිමි වීමේ යථාර්ථය. එතකොට අද ආණ්ඩුවට ගිහිල්ලා මාර පොරක් වෙච්ච දයාසිරි විපක්ෂයේ හිටියානම් ඔය කියන දර්ශන දාන්න බෑ. එහෙම පුළුවන්කමක් තිබ්බ නම් ගෙවී ගිය මැතිවරණවලදී දයාසිරි ඒ වගේ දර්ශන නොදා ඉන්නෙත් නෑ. මොකද දයාසිරිත් ආසයි එයා ඉන්න තැන එයාට  යන්න පුළුවන් ඉහළම තැනට යන්න. ඒක රනිල් ළඟ ඉඳලා කරන්න බැරි වෙච්ච නිසා තමයි. එයා අද මහින්ද ළඟට ගිහින් ඒකට ට‍්‍රයි එකක් දෙන්නේ.


 දයාසිරි එහෙම තමන්ට යන්න පුළුවන් උඩටම යන්න ට‍්‍රයි කරනකොට, රනිල් කියන්නේ මේ පාර පළාත් සභා ඡුන්දෙදි එජාප පාක්ෂිකයන්ට ඡුන්ද පොළට එන්න කියලා විතරයි.  ඡුන්ද පොළට ඇවිත් එජාපෙට ඡුන්දෙ දාන්න කියලා කොහේවත්  කියලා නෑ. රනිල් කිව්වත් නැතත්  මෙදා පාර වයඹ යූඇන්පීකාරයෝ ටික නම් නොවැරැුදීම ඡුන්ද පොළට එනවා. ඇවිත් දයාසිරිට කතිරේ ගහනවා. එතකොට දයාසිරිගෙ කැම්පේන් එකට ඇයි රනිල් මෙහෙම කැන්වසින් කරන්නේ. රනිල්ගේ වටේ ඉන්න කේවට්ටයෝ ටික කාලෙන් කාලෙට  රනිල්ට මේ විදියේ දිරච්ච ලණු දෙනවා.

රනිල්ට ඡුන්දෙ දිනන්න  ඕනෙ නැති වුණාට යූඇන්පීකාරයන්ට ඡුන්දෙ දිනන්න  ඕනෙ. බලය ගන්න  ඕනෙ. ඒ නිසා තමයි මේ පාර වයඹ යූඇන්පීකාරයෝ ටික දයාසිරි වටේට රොද බැඳගෙන ඉන්නේ. දයාසිරිට වයඹ මෙච්චර හරියක් කරන්න පුළුවන් වෙන්නේ එජාප පාක්ෂිකයන් අතර තියෙන ඒ ජයග‍්‍රහණයේ පිපාසාව නිසා, ඒ බලයට තියෙන වුවමනාව නිසා. එතකොට  රනිල් පාක්ෂිකයන් ඡුන්ද පොළට ගෙන්නන කොට දයාසිරි උඩින්ම දිනනවා. මොකද දයාසිරිට යූඇන්පී ඡුන්ද ටිකට අමතරව මේ පාර ශ‍්‍රී ලංකා ඡුන්ද ටිකත් වැටෙන නිසා. එහෙම ගත්තාම දයාසිරි යන මේ අතිධාවනකාරී ගමනට රනිලූත් පොඩි තල්ලූවක් දෙනවා.  රනිල්ට  ඕන  පළාත් සභාව දිනන්න නෙමෙයි. රනිල්ගේ ටාර්ගට් එක 2014 ජනාධිපතිවරණය. රනිල් දන්නවා තාමත් යුද ජයග‍්‍රහණයෙන් චූන් වෙලා ඉන්න සෙනඟත් එක්ක රනිල්ට මහින්දත් එක්ක හැරෙන්වත් බැරි බව. එහෙනම් රනිල්ට  ඕනෙ මහින්දට අභියෝග කරන්න, මහින්දට වඩා ජනප‍්‍රිය චරිතයක්. මේ වෙලාවේ ඒකට ඉන්න නියම බඩුව තමයි දයාසිරි. පඬුවස් නුවර ප‍්‍රාදේශීය සභාවේ අතරමං වෙච්ච දයාසිරිව ජාතික දේශපාලනේ මෙගා ස්ටාර් කළේ රනිල්. ඒක තව පියවරක් ඉදිරියට අරගෙන මහින්ද දයාසිරිව රටම දන්න මහඇමැති කරලා දෙනවා.  මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කිව්වා වගේ රනිල්ගේ ඊළඟ තුරුම්පුව දයාසිරි වෙන්න පුළුවන්.  මහින්දත් එක්ක කාගෙන බීගෙන හිටිය ෆොන්සේකාත් එහෙම වුණා නම් දයාසිරි මෙහෙම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්? කවුද කැමැති නැත්තේ මේ ආශ්චර්යවත් රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න? හැබැයි ඒ ඔක්කොම කරන්න දයාසිරි ඉන්න  ඕන.
ඒ නිසා දයාසිරි ඉගෙනගන්න  ඕන රජ්ජුරුවොත් එක්ක වගේම රජ කුමාරයොත් එක්කත් ගනුදෙනු කරන විදිහ. ඒකට සංයුක්ත නිකායේ දහර සූත‍්‍රය කියවන්න. ඊට පස්සේ හැකි ඉක්මනින් හර්මන් හෙසගේ සිද්ධාර්ථකියවන්න. ඒකෙ එක තැනක සිද්ධාර්ථගේ සමත්කම් ගැන පැහැදෙන එක පුද්ගලයෙක් සිද්ධාර්ථට මෙහෙම කියනවා,

යාළුවා නුඹ සැබෑ දක්ෂයෙක් වෙන්න පුළුවන්.
ඒ වුණාට ඒ දක්ෂකම් ඔක්කොම
එකපාර පෙන්නන්න යන්න එපා.

ඒක නුඹේ අවසානය ඉක්මන් කරාවි

සමන් සමරක්කොඩි.

No comments:

Post a Comment